HTTP Injector ❤
මේක vpn app එකක් එ්ත් ටිකක් සුවිශේෂී එකක් මේකෙ තීන විශේෂම දේ තමයි isp ලගෙ free internet site ආදාරයෙන් නොමිලේ unlimited internet යන්න පුලුවන් එක 😍
ඒත් වැඩේ හිතන තරම් ලේසිනම් නෑ ඒනිසා මුලින්ම බලමු මේකෙ එක එක options වලින් මොනාද වෙන්නෙ කියල 😎
(දැනට නම් ලංකාවෙ කිසිම sim එකකට free internet tricks නෑ etisalat එක විතරයි තූනෙ ඒකත් block)
✅ http injector එකේ එක එක options
මුලින්ම කියන්න ඕන මට කිසිම knowledge එකක් නෑ මේක ගැන
මම මේ ඇප් එක ගැන දැනගත්තෙත් මේ අවුරුද්දෙ මුල 😂
එහෙනම් මගෙන් මොනාද දැනගන්න පුලුවන් කියල බලමු මේක ගැන
😊 playstore එකෙන් අරන් install කරල open කරාම මේක මහ විකාරයක් වගේ අකුරු ගොඩක් තමා පෙන්නෙ options ගොඩක් එක්ක
අනාගන්නෙ නැතුව බලමු කොනක ඉදන්
🔴 ඕකෙ වම් පැත්තෙ තීනවා menu එකක් අන්න ඒකට ගියාම මුලින්ම තීන්නෙ payload generator
අපිට injector එක connect කරගන්න නම් payload එකක් ඕන අන්න ඒක අපිට හදාගන්න උදව් කරන තැන තමා මෙතන
එ්ක තමා මෙතනින් වැදගත්ම එක මොකද ඩේට නැතුව internet යන්න පුලුවන් url/host/ip past කරන්නෙ මෙතනට
එහෙම past කරල online host & keep alive ටික් දෙක දාල generate payload දුන්නම හැදෙනවා http injector එකට basic payload එකක්
මේ payload එක වැඩද බලාගන්න ඕනනම් ඩේට සල්ලි නැති වෙලේක data on කරල start දෙන්න ඕන
එහෙම කරද්දි ලොග් එකේ connection lost නොවී වෙන error එකක් ආවොත් payload generator එකේ tic දාපුවා වගේම requests methord එක වෙනස් කරල කෝම හරි ගේමක් ගහල ඒ host එක connect කරගන්න පුලුවන්
මේකෙ තීන එක එක tic ගැන වෙන වෙනම කියන්න යන්නෑ මොකද ඒවා අත්දැකීමෙන්ම දැන ගන්න එක ඔයාලට බාරයි 😌
🔴 check ip - ඔයා මේ වෙලාවෙ internet on කරල තීන ip address එක ගැන විස්තරයක් මේකෙන් ගන්න පුලුවන්
🔴 radio network මේකෙන් නම් open වෙන්නෙ *#*#4636#*#* ගැහුවම එන network menu එක මේක සමහර පෝන් වලට support නෑ
🔴 ssh setting
මේක ගොඩක් වැදගත්
tcpvpn.com
vpnjantit.com
වගේ සයිට් වලින් හදාගන්න vpn accounts වල විස්තර add කරන්න ඕන මෙතනට
🔸ssh host/port/user name/password
මේ සේරම අර ssh account හදන සයිට් වලින් දෙනවා account එකක් හැදුවම 😊
🔸public key - ssh password එක වෙනුවට use කරන්න පුලුවන් එකක්
🔸data compression - internet slow උනාම මේක on කරල ටිකක් speed කරගන්න පුලුවන් low memory device වලට නම් වැඩක් නෑලු 😔
🔸 auto reconnect නමෙන්ම තේරෙනවනේ යට options ටිකත් වැඩක් නෑ වෙනස් කරන්න බෑ 😂
🔴 shadowsocks setting මේක නම් මහ අමුතු එකක් මම දන්නෙත් නෑ connect කරාට internet යන්නත් බෑ 😂 ඒනිසා හෙව්වෙ නෑ
🔴 setting 😑
🔸සෙටිං වල උඩම දෙක නැතුව මම යනව apps filter වලට ඒකෙන් කරන්නෙ ඔයාට ඕන apps විතරක් vpn වලින් run වෙන්න හදන එක ඒක off කරාම මුලු device එකම run වෙන්නෙ ඔයාගෙ http injector connection එක යටතෙ (connect කරාම)
🔸 udp forwarding - injector connect කරාම voice call/ streaming වැඩ නැත්තන් මේක on කරන්න
🔸 set dns - මෙකෙන් පුලුවන් ඔයාගෙ dns address එක වෙනස් කරන්න
🔸ඉතුරු ටික උබලට අපිට ඉතිං අදාල නැ අපිට ඕන free internet යන්නනේ 😂 ඒවට යට ටිකෙන් කෙරෙන්න දෙයක් නැති තරම් 😑
🔴 savers මේකනම් වැදගත්
මොකද හැමෝටම ssh account හදන්න details add කරන්න විකාරයක් වගේ මේ වැඩ ගොඩ ඒනිසා ගොඩක් අය මෙතනින් saver එකක් select කරගන්නවා මේකට නම් kb 20ක් වත් ඕන
කැමති රටක කැමති saver එකක් select කරන්න india saver එක ටිකක් speed
ඒක select කරද්දි ටික් දෙකක් එනවා on කරන්න ssh setting වලින් තමා ssh account එකක් හැදෙන්නෙ
🔸 remote proxy මේන්න මේක තමා සුපිරි 😂
ඒ කියන්නෙ remote proxy එක අපිට වෙනස් කරන්න පුලුවන් ඒත් අපි කැමති එකක් නම් දාගන්න බෑ ssh account එක ඉංදියාවෙ එකක් නම් indian proxy address එකක් හොයාගෙන දාන්න පුලුවන්
(proxynova.com මෙන්න මේ site එකෙන් එක එක රටවල් වලට අදාල proxy address & port ඉලාගන්න පුලුවන් 😏)
ssh account එකකින් ලංකාවෙ saver එකක් හදාගන්න පුලුවන් නම් ඔන්න dialog එකට එහෙම කෙලවෙනවා 😂 මොකද dialog ලගෙ free host 2ක් 3k තීනවා මං ලග 😂 ඒත් උන්ගෙ වාසනාවට තාම ලංකාවට vpn on කරන්න පුලුවන් ssh accounts නැ 😐 😭
🔴 tunnel type
මෙතනිනුත් free internet යන්න නම් ක්රම තුනකට connect වෙන්න පුලුවන් දැනට මම දන්න තරමින්
1. secure shell - http proxy - custom payload
2. secure shell - http proxy
3.secure shell - ssl
🔴 මෙතනින් ssl connect කරන්න නම් අපිට ssl free host එකක් ඕනි 😔
ඒ free ssl address එක මෙතන ගහල start දුන්නම ඩේට 0 දි connect වෙනව නම් ඕන්න free internet යන්න පුලුවන්
🔴 යට තීනව තව ටික් දෙකක් ඒ තමා dns and start ssh කියන දෙක මේකෙන් start ssh නොදා නම් vpn on වෙන්නෑ 😭 dns on කරාම තව ටිකක් vpn එකේ ගුනාත්මක බව වැඩි වෙනවා ඒ කියන්නෙ fb block කරපු වෙලේක මේකෙන් vpn on කරා කියල fb යන්න බැරිනම් dns වලටත් ටික් එක දාන්න 😑
🔴 log මෙන්න මේකෙන් දැනගන්න පුලුවන් අපි දාපු හොස්ට් එක වැඩද නැද්ද එන error message එක මොකද්ද ඒක fix කරන්න නම් payload එකේ setting කොහොමද වෙනස් කරන්න ඕනා වගේ ගොඩක් දේවල්
මේකෙන් ලොග් එකේ සාරාංශයක් විතරයි එන්නෙ full log එකම ඕන්නම tools වලට ගිහින් debug mode on කරන්න 😍 එ්ක වැදගත් free internet trick හොයන කට්ටියට
🔴 tools
🔸 ip hunter - local ip address හොයන එකක් phone එක root nm වැඩේ ලේසි නැත්තන් එපා වෙනවා 😂
🔸host checker - මෙන්න මේක තමා සුපිරිම
ඔයා හොයාගත්ත free internet site එක host එක හරි ip address එක හරි මෙතන ගහල direct requests on කරල check දුන්නම ඩේට & සල්ලි 0දි http 200 status එක එනව නම් සහ දකුනු පැත්තෙ තීන get එක options දැම්මම allow - get,head,post... ඔහොම එකක් එනව නම්
අන්න ඒ හොස්ට් එකෙන් http injector හරහ free internet යන්න පුලුවන් 😍😍😍 payload හදාගන්න එක ඔයාට බාරයි 😂
🔴 එතන තීන අනික් ටිකත් වැදගත් ඒව ඔයාල අත්දැකීමෙන් ඉගෙන ගන්න.
🔴 මුලු page එකේ තීනව තව එකක් ඒ තමයි දකුනු පැත්තෙ උඩම තීන සිම් එකක icon එක or තිත් තුන එතනින් ගිහින් ඔයාට ලැබුන ehi file එකක් injector එකට දාන්න වගේම ඔයාගෙ දැන් හදාගනිපු http injector free internet setting ටික ehi file එකක් විදියට ගහල යාලුවෙක්ට share කරන්නත් මෙතනින් පුලුවන්
ඒව ගැන ඉතිං කරලම බලන්න කියල තමා කියන්න තීන්නෙ 😓
✅ http injector connect කරන හැටි
✅ free host හොයාගන්න විදිය
✅ lock කරපු ehi file වල හොස්ට් බලන විදිය
✅ log එකේ එන එක එක errors ගැන පොඩි විස්තරයක්
✅ මේක වගේ තවත් apps
මේ ටිකත් එක්ක තා දැන ගන්න ඕනි දේවල් කියන්න ඊලග පොස්ට් එකෙන් දාන්නම් 😍❤
ලැබෙන ප්රතිචාර අනුව තමා නැත්තන් මෙච්චර කොටන්න අමාරුයි යකෝ 😭😭😭
පොස්ට් එකේ වැරදි ඇති මම නොදන්න දේ ඇති ඒත් දන්න දේ කිව්වා මේ කිසි දෙයක් theory වලින් ඉගෙන ගනිපුවා නෙවේ app එක use කරලම ගත්ත අත්දැකීම්
9 Comments
thanx bro......
ReplyDelete: - )
Deleteතැන්කූ බ්රෝ මෙන්න ඊලග පෝස්ට් එක -https://cyberwaddo.blogspot.com/2020/04/http-injector-sinhala.html
Deleteමෙන්න හැමදාම හොයන Ehi Files ටික ඔක්කොම එකට - https://cyberwaddo.blogspot.com/2020/04/ehi-collection-2020-sri-lanka.html
Ftt brooo.👌
ReplyDeleteAnit post ekt aniwa genna
තැන්කූ බ්රෝ මෙන්න ඊලග පෝස්ට් එක -https://cyberwaddo.blogspot.com/2020/04/http-injector-sinhala.html
Deleteමෙන්න හැමදාම හොයන Ehi Files ටික ඔක්කොම එකට - https://cyberwaddo.blogspot.com/2020/04/ehi-collection-2020-sri-lanka.html
පට්ට ඕයි ඉතුරු ටිකත් ඕන😍
ReplyDeleteතැන්කූ බ්රෝ මෙන්න ඊලග පෝස්ට් එක -https://cyberwaddo.blogspot.com/2020/04/http-injector-sinhala.html
Deleteමෙන්න හැමදාම හොයන Ehi Files ටික ඔක්කොම එකට - https://cyberwaddo.blogspot.com/2020/04/ehi-collection-2020-sri-lanka.html
Setting tika hariyata hadala connect dunnama connect wenawa eth internet yanna bane
ReplyDeleteoya ip eka waradi athi
Deleteගොඩක් ස්තූතියි......