HTML පාඩම 6 - HTML Elements

HTML පාඩම 6 - HTML Elements

     

  
         අපි පසුගිය පාඩමේදී HTML වලදී paragraph එකතු කර ගන්නා ආකාරය සහ ඒ හා බැඳි කරුණු කිහිපයක් ඉගෙන ගත්තනේ.  අද පාඩමෙන් අපි HTML Elements ගැන කතා කරමු. මේ විදිහට හදුන්වන්නේ අපි දන්න කියන HTML Tagsම තමයි. ඒක නිසා ඔයාල දැනටමත් දන්නව මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන දේ ගැන. මේවා ගැන වැදගත් කරුණු කිහිපයක් මම මෙහි සදහන් කරන්නම්.
  • HTML element එකක් ආරම්භ වන්නේ starting tag (opening tag) එකකින්ය.
  • එසේම HTML element එකක් අවසන් වන්නේ closing tag (end tag) එකකින්ය.
  • HTML element  එකට අදාල අන්තර්ගතය එම tag දෙක අතර ලියවෙයි.
                උදා:-         <p> this is a paragraph </p>
  • එහෙත් සමහර HTML elements වලට මෙසේ අන්තර්ගතයක් යොදන්නේ නැත (උදා :- <br/> tag එක ) 
  • එවැනි tags starting tag එක තුලදීම close කරනු ලබයි.
  • බොහෝ HTML elements වලට attributes පවතී. (attributes ගැන තව ඉදිරියේදී කියන්නම්)
  • එසේම බොහෝ HTML elements nested කරන්න පුළුවන්. ඒ කියන්නේ එක HTML element එකක අන්තර්ගතයට තවත් HTML elements ඇතුලත් වෙන්න පුළුවන් කියන එක‍.", HTML පිටු නිරමානය කරන්න මෙය ඉතා වැදගත් වෙනව.
                උදා:-         <head> <title> My First Web Page </title> </head>

හොඳයි දැන් අපි බලමු අපි දැනටමත් භාවිතා කරල තියෙන elements කිහිපයක් ගැන,
<p> element        මෙය මගින් HTML පිටු තුල paragraphs නිර්මාණය කරනු ලබයි. මෙය <p> හා </p> යනුවෙන් ආරම්භක හා අවසානක tags යුගලයකින් සමන්විත වේ. 
                උදා:-         <p> this is a paragraph </p>
<body> element              මම element එකෙන් සිදු කරනුයේ HTML පිටුවක body කොටස අර්ථදැක්වීමයි. අපි මේ ගැන මීට කලින් පාඩමකදීද කතා කලා. මෙයද <body> හා </body> යනුවෙන් ආරම්භක හා අවසානක tags යුගලයකින් සමන්විත වේ. 

                උදා:-       
                             
       මෙහිදී මම ඉහතින් සඳහන් කළ <p> element එක <body> element එකේ අන්තර්ගතයට ඇතුලත් වී ඇත.
<html> element            HTML වලින් වෙබ් පිටු නිර්මාණයේදී අපිට  අවශ්‍ය ප්‍රධානම element එකක්, මෙයින් සිදු වනුයේ අප ලියන්නා වු document එක HTML document එකක් බව හැගවීමයි.  මෙයද <html> හා </html> යනුවෙන් ආරම්භක හා අවසානක tags යුගලයකින් සමන්විත වේ. 
                 උදා:-                                      
<br/> element            මෙය අපි මීට කලින් කතා කරපු HTML elements වලට වෙනස් වූ එකක්. ඒ මෙයට අන්තර්ගතයක් නැති වීම නිසා closing tag එකක් නොමැති වීමයි. මෙයින් line break එකක් අරුත් ගන්වයි. 

මම පහතින් දෙන උදාරණය code කරල බලන්නකෝ අද අපි කතා කරපු දේවල් ගැන ප්‍රශ්ණ තියෙනවද කියල.

තවත් පාඩමකින් හමු වෙනකම් ගිහින් එන්නම්.


Post a Comment

1 Comments

  1. Your Affiliate Money Making Machine is waiting -

    Plus, making profit with it is as simple as 1, 2, 3!

    This is how it all works...

    STEP 1. Choose which affiliate products you intend to promote
    STEP 2. Add PUSH button traffic (this LITERALLY takes 2 minutes)
    STEP 3. Watch the system explode your list and sell your affiliate products for you!

    Are you ready to make money ONLINE??

    Get the full details here

    ReplyDelete

ගොඩක් ස්තූතියි......